භාවනා Meditation: 4. ගණ්ඩතෝ භාවනා පදය

සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධානුශාසනං - සියලුම අකුසලයන් දුරුකොට කුසලයන් වැඩිදියුණු කරගනිමින් තම සිත සංවරකර ගැන්ම බුදුහිමි ගේ අනුශාසනයයි.

නුවන ඇත්තෝ මේ මඟ ගමන් කරත්වා !

4. ගණ්ඩතෝ භාවනා පදය


4. ගණ්ඩතෝ භාවනා පදය... (අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ)

එක් කලෙක සැරියුත් මහරහතන් වහන්සේයි, මහා කොට්ඨිත මහ රහතන් වහන්සේයි අතර ධර්ම සාකච්ඡාවක් ඇති වුණා. මහා කොට්ඨිත මහ රහතන් වහන්සේ සැරියුත් තෙරණුවන්ගෙන් ඇහුවා, ඇවැත්නි සාරිපුත්රවය, සිල්වත් මහණහු විසින් කුමන ධර්මයක් මෙනෙහි කළ යුතු ද කියලා. එතකොට සැරියුත් හිමියන් කිව්වා, සිල්වත් මහණහු විසින් පංච උපාදානස්කන්ධය අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ ආදී වශයෙන් මෙනෙහි කරන්න ඕනෙ කියලා. මෙනෙහි කරනවා කියන්නේ යෝනිසෝ මනසිකාරය කරනවා.

එසේ මෙනෙහි කරන විට පෘතග්ජන භික්ෂුවක් නම් ඔහු සෝවාන් ඵලයට පත් වෙනවා කියලා වදාළා. සෝවාන් මහණහු විසිනුත් මෙයම මෙනෙහි කල යුතු බව වදාළා. එසේ මෙනෙහි කරනකොට ඔහු සකෘදාගාමී ඵලයට පත් වෙනවා කියලා වදාලා. සකෘදාගාමී මහණහු විසිනුත් මෙයම මෙනෙහි කල යුතු බව වදාළා. එසේ මෙනෙහි කරනකොට ඔහු අනාගාමී ඵලයට පත් වෙනවා කියලා වදාලා. අනාගාමී මහණහු විසිනුත් මෙයම මෙනෙහි කල යුතු බව වදාළා. එසේ මෙනෙහි කරනකොට ඔහු අරිහත් ඵලයට පත් වෙනවා කියලා වදාලා. එතනින් නැවතුනේ නැහැ. රහතන් වහන්සේත් අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ ආදී වශයෙන් මෙනෙහි කරනවා කියලා වදාලා. රහතන් වහන්සේ නිවන සදහා කල යුතු සියල්ල කරලා ඉවරයි නේ. එහෙනම් මොකටද මෙහෙම මෙනෙහි කරන්නේ ? දිට්ඨධම්ම සුඛ විහරණයට. එතකොට රහතන් වහන්සේලාත් වාසය කරන්නේ සතිපට්ඨානය භාවිතා කරගෙන.

මේ සාකච්ඡාව ඇති වෙන්න පෙර සැරියුත් හාමුදුරැවොයි සහම්පතී මහා බ්රුහ්ම රහතන් වහන්සේයි අතර සාකච්ඡාවක් ඇති වුණා. ඒකේ ප්රදථිපලය හැටියට තමයි මේ සාකච්ඡාව ඇති වුනේ. රහතන් වහන්සේලා මෙහෙම ධර්මය සාකච්ඡා කරන්නේ ඇයි ? ධර්මය නොදන්නා නිසා ද? නැහැ. රහතන් වහන්සේලා මේවා සාකච්ඡා කරන්නේ අපට අනුකම්පාවෙන්. ධර්මය පැහැදිලි කරල දෙන්න. මේ වගේ සාකච්ඡාවක් දෙවිවරැ පවා අහගෙන ඉන්නවා. ඒ සාකච්ඡාවේ ප්රදථිපලය හැටියටයි අපට මේ ධර්මය අද ලැබිලා තියෙන්නේ. සහම්පතී මහා බ්රෙහ්ම රහතන් වහන්සේ අකනිඨාවේ සිටින රහතන් වහන්සේ නමක්. උන් වහන්සේ බුදුවරයන් වහන්සේලා සතර නමකගෙන් ධර්මය අසා තියෙනවා. ඒ ධර්මය දරණවා. අකනිඨාවේ සිටින අනාගාමීන්ට සහ රහතුන්ට මහා කල්ප 16,000 ක් ආයුෂ තියෙනවා.

වසර තිහක් විතර ඉදන් ධර්ම මාර්ගයේ ගමන් කරන යෝගීන් වහන්සේ නමක් ඉන්නවා. දිනක් උන් වහන්සේට සහම්පතී මහා බ්රඉහ්ම රහතන් වහන්සේ පෙනී සිටල ප්ර කාශ කළා, අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ පද පහ භාවනා කරන්න සෝවාන් ඵලයක් ලැබීමට එයම ප්‍රරපමාණවත් කියලා. එහෙම ප්‍රකාශ කරලා ඒ පද පහ අපහසුවක් නැතිව භාවනා කරන පිළිවෙලත් ඉගැන්වුවා. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ පිළිවෙලට භාවනා කරන්න පුළුවන්. එක් වතාවකට එක පදය බැගින්.

1. රෑපය - අනිච්චතෝ
2. වේදනාව - දුක්ඛතෝ
3. සංඥාව - රෝගතෝ
4. සංස්කාරය - ගණ්ඩතෝ
5. විඤ්ඤාණය - සල්ලතෝ

4. අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ යන පද දෙක කලින් පැහැදිලි කලා. දැන් සංස්කාරය ගඩුවක් වශයෙන් බලන්න.

කාය සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර වශයෙන් සංස්කාරය තුන් ආකාරය. කුසල සංස්කාර, අකුසල සංස්කාර වශයෙන් ද සංස්කාර වර්ග කළ හැක. 
සකස් කරන අර්ථයෙන් සංස්කාර කියයි. සකස් කරන්නේ කෙසේ ද? සංඛතං අභිසංඛරොන්ති. සකස් කල දේ නැවත සකස් කරයි. උදාරහරණයකට, වෙළදසලක ලස්සන ඇදුමක් දැකලා, ඒ රෑපය අරමුණු කරගෙන, ඒක ලස්සනයි මා එය මිලදී ගන්නවා යනුවෙන් සංස්කාරයක් කළා කියා සිතන්න. නැවත නිවසට පැමිණි විට ඒ රෑපය එය දුටු විට ඇති වූ සුඛ වේදනාව, එය හදුනාගත් සංඥාව, කලින් කළ සංස්කාරය, එය දැනගත් විඤ්ඤාණය නැවත නැවතත් අලුතෙන්ම ඇති වේ. මෙසේ සංස්කාරස්කන්ධය විසින් ස්කන්ධයන් නැවත සකස් කරයි. එය සංස්කාරස්කන්ධය සතු පුදුම හැකියාව කි.

හැම සංස්කාරයක්ම ගඩුව කි. ගණ්ඩතෝ කියන්නේ ගඩුව කියන අර්ථය යි. පිළිකාවක් වගේ කියලත් කියන්න පුළුවන්. පිළිකාව කල් ගතවෙන්න පැතිරී යන රෝගයක්. රෝගය පැතිරීම නිසා රෝගියා මහත් දුකකට පත් වෙනවා. හුල් වලින් අනින්නා වාගේ, පුච්චන්නා වාගේ මහත් වේදනා ගෙන දෙනවා. මැරෙන තුරැ එබදු රෝගීන් මෙසේ දුක් විදිනවා. රෑපය නිසා ඇති වෙන ගඩු නිසා දුකට පත් වෙන්නේ එක් බවයකට පමණයි. නමුත් සංස්කාර නැමති ගඩුව නිසා අප මෙසේම අනන්ත සසර දුක් වින්ද බවත් අනාගතයේත් එසේම දුක් ලබා දෙන බවත් අවබෝධ කළ යුතු යි.

කයින් සහ වචනයෙන් කෙරෙන අකුසල් ගඩුවක් වශයෙන් දකින්න.

සෑම අකුසල සංස්කාරයක් ම ගඩුවක්. ලෝභ ද්වේෂ මෝහ යන අකුසල මූල් වීම නිසා කයින් වචනයෙන් සහ සිතෙන් සංස්කාර හටගනියි. කාය සංස්කාර ගඩුය. පාණාතිපාතය ගඩුවක්. අදින්නාදානය ගඩුවක්. කාම මිත්‍යචාරය ගඩුවක්. මේවා නිසා ඇති වෙන්නේ මහත් දැවීමක්. වචී සංස්කාර ගඩුය. මුසාවාදය ගඩුවක්. පරැසාවාචය ගඩුවක්. පිසුණාවාචය ගඩුවක්. සම්පප්‍රලාපය ගඩුවක්. මෙය තමන්ගේ උදාහරණ සහිතව දැකිය යුතුය. ශරිරයේ ගඩුවක් ඇති කල්හි එයින් සැරව, ලේ, ඔජස් ආදිය, ගැලීම කැසීම සිදුවන්නා සේ අකුසල සංස්කාර නැමති ගඩු නිසා බොහෝ දුක් දැවිලි සහිත ආශ්‍රව හටගනියි.

චිත්ත සංස්කාර ද ගඩුය

අරමුණු ඇතිවූ විට ඒවා කෙරෙහි අභිජ්ජාව හටගනියි. මගේ වේවා යයි ගනියි. ඉන්ද්රිිය අසංවරය ඇති පුද්ගලයා ලස්සන පුද්ගලයෙක්, නිවසක්, මෝටර් රථයක් වැනි දෙයක් දුටු විට මටත් මේක තිබුණා නම් හොද යයි සිතේ. ඒ අභිජ්ජාවයි. ප්‍රිය කරන දේ ලබා ගැනීමට ගොස් දුකට පත් වේ. සාමාන්‍ය පුද්ගලයෙක් ගත්තොත් ගේ දොර ඉඩගඩම්, දූ දරැවන් ස්වාමි භාර්යාවන් නිසා මොන තරම් අභිජ්ජාවන් තියෙනවා ද? ඒ නිසා මොනතරම් චිත්ත පීඩා ඇති වෙනවා ද? අභිජ්ජාව ගඩුවකි.

අභිජ්ජාවෙන් පටන් අරගෙන ගඩුව පැතිරී යනවා.

අභිජ්ජාව නිසා ව්‍යාපාදය ඇති වේ. මගේ යයි ගත් දේ වෙනස් වන විට ව්‍යාපාදය ඇති වේ. ව්‍යාපාදය නිසා පරැස වචන කියයි. ව්‍යාපාදය ගඩුවකි.

ව්‍යාපාදය වැඩිදියුණු වීම නිසා මට හානි කරන්නේ යයි ක්‍රෝධය ඇති වේ. ක්‍රෝධය නිසා අන් අයට හානි කරයි. තමාට ද හානි කරගනියි. ක්‍රෝධය ගඩුවකි. 

ක්‍රෝධය නිසා මක්ඛය ඇති වේ. මක්ඛයෙන් ගුණ මකයි. අනුන්ගේ ගුණ ද මකයි. තමන්ගේ ගුණ ද මකයි. දුෂ්ශිල වීම තමන්ගේ ගුණ මකාගැනීමකි. මක්ඛය නිසා පරැස වචන ද කියයි. මක්ඛය ගඩුවකි.

ක්‍රෝධය වැඩිදියුණු වී උපනාහය හෙවත් බද්ධ වෛරය ඇති වේ. තමාට හානි කරන්නේ යයි බද්ධ සංඥාවක් එහි ඇත. බොහෝ දරැණු අපරාද සිදු වන්නේ බද්ධ වෛරයෙනි. බද්ධ වෛරය නිසා ප්රාරණ ඝාත වැනි අකුසල් කරගනයි. උපනාහය ගඩුව කි.

මක්ඛය නිසා ඉරිසියාව ඇති වේ. ගුණ මකන ස්වභාවය හෙවත් මක්ඛය ඇති විට ඉරිසියාව වැඩි වේ. ඉරිසියාව නිසා බොරැ කියයි. මට ඉරිසියාව මගේ කෙලෙස් නැහැ කියා රැවටෙන්න එපා. කෙලෙස් තියෙන ඕනෑම කෙනෙකුට සියුම් වශයෙන් හෝ ඉරිසියාව ඇත. හිතන්න තමන් රැකියාව කරන තැන තමන්ගේම තත්වයට අඩු සත්ත්වයක ඉන්න කෙනෙකුට තමාට වඩා ඉහල තැනකට උසස්වීමක් ලැබුණා කියා. ඉරිසියාව නිසා ඔය තැන හිමි වෙන්න තිබ්බේ මට එයාට නෙමෙයි කියාලා සිතුවිලි ඇති වෙනවා. එතකොට ඇති වෙන්නේ ඉරිසියාව යි. ඉරිසියාව ගඩුවකි.

උපනාහය නිසා පලාසය ඇති වේ. පලාසයෙන් වෙන් කරයි. අරකට වඩා මේක හොදය යන දිට්ඨිය පළාසයට මුල් වේ. කේලම් කියා දෙදෙනෙකු වෙන් කරන්නේ එසේ කිරීමට හෝ සිතන්නේ පළාසය මුල් වීමෙනි. මෙසේ කේලමක් කියා දෙදෙනෙකු වෙන් කල භික්ෂූවක් බුද්ධාන්තරයක් නිරයේ පැසී අද ද ගින්නෙන් දැවෙන බව ධර්මයේ සදහන් වේ. අප නිවනත් පළාස කරයි. අප නිවනින් පිට දෙයක් ගන්නා හැම විටම නිවන පළාස කරයි. නිවනත් වෙන් කරයි. පලාසය ගඩුවකි.

ඉරිසියාව නිසා මායාව ඇති වේ. මායාවෙන් පව්කම් කර සගවයි. උදාහරණයකට, එක් තැනැත්තෙක් තමාට වඩා පහලින් සිටි කෙනෙක් උසස් තැනකට පත් වුණොත්, අනෙක් තැනැත්තා උසස් තැනට ගිය පුද්ගලාට විරැද්ධව කේලම් කියා, විරැද්ධව ක්‍රියා කර එය අන් අය නොදනීවා යයි සගවයි. සිල්වතුන් ගුණවතුන් වශයෙන් ප්රිසිද්ධ සමහරැ බොරැ කීම, අල්ලස් දීම, කාමය වරදවා හැසිරීම වැනි අකුසල් කර අන් අය එසේ නොදනීවා යයි සගවන්නේ මායාවෙනි. අකුසලය එසේ සගවන්නට බැරිය. දෙවියන් හෝ දකියි. එසේ තමන් කරන කුඩා හෝ අකුසලයක් සැගවීම මායාවයි. මායාව ගඩුවකි.

පළාසය නිසා මච්ඡරිය ඇති වේ. මච්ඡරිය යනු මසුරැ බවයි. සුඛ වේදනාවට ඇති තණ්හාව මුල් වීමෙන් මච්ඡරිය ඇති වේ. මච්ඡරිය පසකි. මච්ඡරිය නිසා දස අකුසලයම ඇති වේ. දුෂ්ශීල වේ. ලාභ මච්ඡරිය වැනි දෙයක් ගන්න. ලාභය සදහා හොර කිරැම් මිනුම් භාවිතා කරයි. නැති නම් බොරැ කියයි. ආවායස යනු තමන්ගේ කයයි. තමා ජීවත් වන ස්ථානය ද ආවාසය කි. ආවාස මච්ඡරිය නිසා සතුන් මැරීම වැනි අකුසල් කරයි. කය පිනවීමට කාම මිත්යාවචාර වැනි අකුසල් කරයි. වර්ණ මච්ඡරිය නිසා ද බොරැ කියයි. විභාගයකින් අසමත් කෙනෙක් බොරැ ප්‍රතිපල කියන්නේ වර්ණ මච්ඡරිය නිසාය. රස්සාවෙන් දොට්ට දැම්ම කෙනෙක් මම එතනින් අස් වෙලා වෙන තැනකට ගියා යයි බොරැ කියන්නේ වර්ණ මච්ඡරිය නිසාය. ධම්ම මච්ඡරිය නිසා මිනිසුන් ද මරයි. සමහර ආගමිකයන් මිනිසුන් මරන්නේ ද ධම්ම මච්ඡරිය නිසාය. ධම්ම මච්ඡරිය නිසා බොරැ බණ ද කිය යි. කුල මච්ඡරිය නිසා ද සිංහල දෙමල බෞද්ධ අබෞද්ධ ආදී කුල හදාගෙන පවු රැස් කරයි. මච්ඡරිය ගඩුවකි.

මච්ඡරිය නිසා සාතෙය්ය හෙවත් වංචාව ඇති වේ. නිවනට පිටින් යමක් ගැනීම වඤ්චාවකි. මච්ඡරිය නිසා කරන හැම අකුසලයක් ම වංචාවකි. මෙලොවක් නැත පරලොවක් නැත යයි දෘෂ්ඨි ගැනීම ද වංචාවකි. වංචාව ගඩුවකි.

මායාව, සාතෙය්‍ය නිසා ඇති වන්නේ මිච්ඡා දිට්ඨියයි. ඕනෑම අකුසලයක් (සුළු අකුසලයක් හෝ) කර එය සගවාගෙන ජීවත් විය හැකි යයි සිතයි. ඒ කරණ සැම පාප ක්‍රියාවක් ම මිච්ඡා දිට්ඨියට එකතු වේ. එන්න එන්නම මිච්ඡා දිට්ඨිය වැඩි වේ.

සමහර කුසල සංස්කාරත් ගඩු ය. භව සම්පත් පතාගෙන සමහරැ පින්දම් කරයි. ඒ නිසා ද සසර දික් වී ජාති ජරා මරණ දුක් වැඩි වීම පමනයි සිදු වනුයේ. ලෝභයෙන් කරන එබදු කුසල් ද ගඩුය. සියලු කුසල් සිදු කල යුත්තේ නිවන අරමුණු කරගෙන පාරමිතාවක් වශයෙනි.

සාරාංශය -

සකස් කරන නිසා සංස්කාර කියයි. කාය වචී විත්ත වශයෙන් සංස්කාර තෙආකාරය. පාණාතිපාත අදත්තාදාන කාම මිත්‍යාචාර කය මුල් වීමෙන් සිදු වේ. මුසාවාද පරැසාවාච පිසුනාවාච සම්පප්‍රලාප යන සංස්කාර වචනය මුල් වීමෙන් සිදු වේ. තමන්ගේ උදාහරණ ඇසුරින් මේ සියල්ලම දුක් ලබා දෙන හැටි, ගඩුවක් වෙන හැටි දකින්න. ඒ වාගේම අභිජ්ඣා ව්‍යාපාද ක්‍රෝධ උපනාහ මක්ඛ පළාස ඉරිසියා මච්ඡරිය මායා සාතෙය්‍ය මිච්ඡා දිට්ඨි සිතෙන් සිදු වෙන අකුසල්ය. මේවා තමන්ගේ උදාහරණ ඇසුරින් ගඩු වශයෙන් දකින්න. මේ සියල්ල ගඩු වශයෙන් දකින්න අපහසු නම් අඩුම තරමේ මක්ඛය - ඉරිසියාව සහ පළාසය - මච්ඡරිය යන සංස්කාරයන් ගඩු වශයෙන් දකින්න. මේවා පහ කළ හැකි එකම ක්‍රමය නම් එහි සමුදය දැක නැවත නොකිරීමට අධිෂ්ඨාන කිරිමයි. මේ දේවල් තියාගෙන සිටීමෙන් ඇති ඵලය කුමක් ද? මෙබදු සංස්කාර නිසා අප අනන්ත සසර දුකට පත් වුණා, නිවන මග වැසුනා. මේවායේ ඇති අසාරත්වය දකින්න. ඒ සියල්ල කෙරෙහි නුවනින් කලකිරෙන්න. ඒවාට ඇති කැමැත්ත පහ කරන්න.

මෙසේ විදර්ශනා කරනකොට සංස්කාරය ගඩුවක් කියල දකිනවා. දුකයි කියලා දකිනවා. දුක නම් මමය, මගේය කියන්න වටින්නේ නැහැ. සංස්කාරයට කලකිරෙනකොට සංස්කාරයේ නොඇලෙනවා. නොඇලුනේ මිදෙනවා. මිදුනේ විමුක්ත වෙනවා. විමුක්ත වූයේ විමුක්ත වූ බව දැනගන්නවා.

පෞරාණික බෞද්ධ භාවනා


free counters