භාවනා Meditation

සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධානුශාසනං - සියලුම අකුසලයන් දුරුකොට කුසලයන් වැඩිදියුණු කරගනිමින් තම සිත සංවරකර ගැන්ම බුදුහිමි ගේ අනුශාසනයයි.

නුවන ඇත්තෝ මේ මඟ ගමන් කරත්වා !

Sinhala Bawana Dharma Deshana

නුවන ඇත්තෝ ආර්ය මාර්ගයට පැමිණෙත්වා !

පුණ්‍යවන්තයන් උදෙසා....



ලෝක ධර්මතාව හෙවත් යතාර්ථවාදී සත්‍යය
බුදුවරයන්වහන්සේලා විසින් දැන හඳුනාගෙන ලෝකයාට දේශනා කරන අතර එම අතරක් නැති සසරෙන් මිදීම පිණිස ප්‍රත්‍යක්ෂ මාර්ගය හෙවත් ආර්ය අශ්ඨාංගික මාර්ගය ද උන්වහන්සේලා අවබෝධ කොට සසරේ දුක් විඳින සත්වයාට දේශනාකර මාර්ගය පෙන්වා දී සත්වයා සසරෙන් මුදවාලයි. ලෝක සත්වයාට  ධර්ම මාර්ගය පෙන්වා දීමට බුදුවරයන්වහන්සේලා ලොව පහලවන්නේ ඉතාමත් ම කලාතුරකිනි.

යමෙක් බුදුන්වහන්සේ කෙරේ අචල භක්තියක් ඇද්ද දේශනා කරන ලද ධර්මය කෙරෙහි අචල විශ්වාසයක් ඇද්ද හේ යථාර්ථවාදී සත්‍යය පිළිගනී. එවන් නුවන ඇත්තෝ සුගතිය සතර මහා අපාය ඇතුළු ප්‍රතිසන්ධි තල තිස් එක දැන සසරේ භිය වටහාගෙන ආර්ය ධර්මය කෙරේ විශ්වාසයෙන් යුතුව අප්‍රමාදව කටයුතු කර සසරෙන් මිඳීම පිණිස උත්සුක වේ.

නමුත් බාලයා සත්‍ය පිළිනොගෙන පරිකල්පිත අර්ථශූන්‍ය තර්ක ඉදිරිපත් කරයි. බුදුවරයන්වහන්සේලා විසින් ප්‍රත්‍යක්ෂ කළ ධර්මතාවයන් අභිබවන්න උත්සාහ කරයි. එයින් සිදුවන්නේ ලැබුවාවූ දුර්ලභ මිනිසත් භවය ප්‍රයෝජනයට ගෙන සසරෙන් එතෙර වනු වෙනුවට තව තවත් සසර දික් කර ගැනීමයි. එබැවින් මෙම අති දුර්ලභ ආර්ය මාර්ගය නුවන ඇති පුණ්‍යවන්තයන් උදෙසා ම වේ......


නුවන ඇති තැනැත්තා එතෙර වීමට ප්‍රමාද නොවේ.*
කුසලයේ ප්‍රමාද නොවෙන්න ඇයි ඔබට බැරි...?

සාර්ථක ශීලසමාදානය

Share this page


free counters